2025 අගෝස්තු 16 සෙනසුරාදා, 00:14
නවතම පුවත්

මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට (FCID) පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත.

එප්පාවල සමුපකාර සමිතියේ උප සභාපති ලක්ෂ්මන් ජයවර්ධන මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ, 2019 වසරේදී එවකට ජනාධිපති සිරිසේන මහතා විසින් එප්පාවල සමුපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් දෙකෝටි හැත්තෑ පන්ලක්ෂයක මුදලක් අවභාවිත කළ බවට චෝදනා කරමිනි.

පැමිණිලිකරු පෙන්වා දුන්නේ, එප්පාවල සමුපකාර සමිතිය මගින් 2017 වසරේදී සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ලක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමකට අනුව, සිරිසේන මහතා ජනාධිපති ධුරය දැරූ 2019 වසරේ ජනවාරි මාසයේදී එම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ බවයි.

ඒ අනුව, ඊට අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් එහි තිබූ කඩකාමර 07ක් කඩා ඉවත් කර ඇති අතර, එහි තිබූ වටිනා දොර, ජනෙල්, උළුවහු, ෂීට් ඇතුළු භාණ්ඩ අස්ථානගත වී ඇති බවද පැමිණිලිකරු සඳහන් කර තිබේ.

ගොඩනැගිල්ල ඉදිකිරීමට රුපියල් කෝටි 13ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබුණද, යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගැනීමට තීරණය කළ බැවින් රුපියල් හත් කෝටි හැත්තෑ තුන් ලක්ෂයකට මෙහි ඉදිකිරීම් ආරම්භ කළ බවත්, පළමු අදියර යටතේ රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් ලබා දී තිබෙන බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

මුදල් අවභාවිත කිරීමක් සිදුව තිබෙන බැවින් අදාළ ගොඩනැගිල්ල ලබා ගැනීමට ගැටලුවක් වී ඇති බවත්, නව ගොඩනැගිල්ල ඉදිකිරීමට පෙර පැවැති කඩ කාමරවල තිබූ භාණ්ඩ රැගෙන ගියේ කවුද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ලක්ෂ්මන් ජයවර්ධන මහතා සිය පැමිණිල්ල මගින් දක්වා තිබේ. මේ සම්බන්ධව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙසද ඔහු ඉල්ලා ඇත.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories