වෙළෙඳපොළේ පවතින සබන් වර්ගයන්හි ලේබලවල සඳහන් තොරතුරු පාරිභෝගිකයන් නොමඟ යවන ආකාරයෙන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) සිය අවධානය යොමු කර තිබේ. විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින්, මේ පිළිබඳව මූලික සාකච්ඡාවක් ඊයේ (ජූනි 11) අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වා ඇත.
මෙම සාකච්ඡාවේදී, සබන්වල ගුණත්වය ඉහළ නැංවීම, පාරිභෝගිකයා නොමඟ යන ලෙස ලේබලයේ තොරතුරු ඇතුළත් නොකිරීම සහ ළදරු සබන් ඇතුළු අනෙකුත් සබන් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය අනිවාර්යය කිරීම යනාදී කරුණු රැසක් සාකච්ඡාවට ලක් විය.
CAA සභාපති හේමන්ත සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යාංශය, ඖෂධ නියාමන අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මෙන්ම වෙළෙඳපොළේ ප්‍රසිද්ධ සබන් නිෂ්පාදකයින්ද සහභාගී වී තිබේ.
වෙළෙඳපොළේ සාධාරණ තරගයක් තුළ ගුණත්වයෙන් යුත් නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ලබා දී පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී ඇත.