2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 20:33
නවතම පුවත්

මහාධිකරණ තීන්දුවට එරෙහිව නලින් ප්‍රනාන්දුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

2015 ජනාධිපතිවරණ සමයේ රජයට රුපියල් මිලියන 53කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වූ, ආන්දෝලනාත්මක කැරම්බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් නීතිවිරෝධී ලෙස මිලදී ගැනීමේ සිද්ධියට අදාළව, වසර 25ක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා, එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

මෙම අභියාචනය, ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාර දී ඇති බවයි වාර්තා වේ.

පෙත්සම්කරු වන නලින් ප්‍රනාන්දු මහතා සිය අභියාචනයෙන් කියා සිටින්නේ, අල්ලස් කොමිසම විසින් ගොනුකළ චෝදනාවලට තමන්ව වරදකරු කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ බරපතළ වැඩ සහිත වසර 25ක සිර දඬුවම් සහ දඩ මුදල් නීතියට පටහැනි බවයි.

අදාළ තීන්දුව බලරහිත කර, තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසට ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories