2025 අගෝස්තු 15 සිකුරාදා, 18:19
නවතම පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය අවිනිශ්චිතයි – පාඨලී අනතුරු අඟවයි

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීම බරපතල ගැටලුවකට මුහුණ දී ඇති බවයි. ඔහු මේ බව පැවසුවේ අද (මැයි 03) එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දේශීය නියෝජිතයාගේ මෑතකාලීන ප්‍රකාශයක් උපුටා දක්වමින් කියා සිටියේ රජය කරුණු දෙකක් ඉටු නොකිරීම හේතුවෙන් ඊළඟ වාරිකය පිළිබඳ තීරණය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නොගැනීමට ඉඩ ඇති බවයි. එසේ වුවහොත් රටේ මූල්‍ය ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ වැටෙනු ඇති බව ද ඔහු අවධාරණය කළේය.
රණවක මහතා පෙන්වා දුන් ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ:
• ණය ප්‍රතිව්‍යූහගතකරණය: ඉදිරිපත් කර ඇති ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කර නොමැත. ද්විපාර්ශ්වික ආයතනවලින් අවශ්‍ය සහතික තවමත් ලැබී නොමැත.
• ශ්‍රී ලංකන් ගුවන් සේවය: මහින්ද රාජපක්ෂගේ කාලයේ ලබාගත් ඩොලර් මිලියන 175ක බැඳුම්කර ගැටලුව විසඳීමට වත්මන් රජය අපොහොසත් වී ඇත. අයවැයෙන් රුපියල් බිලියන 20ක් ශ්‍රී ලංකන් සඳහා වෙන් කිරීම ගැටලු සහගතය. එමෙන්ම ශ්‍රී ලංකන් මිලදී ගැනීමට උනන්දුවක් දැක්වූ අයෙකු එහි ප්‍රධාන තනතුරට පත් කිරීම සැක සහිත බව ඔහු කීය.
• තෙල් මිල: ලෝක වෙළඳපොලේ තෙල් මිල 25%කට වඩා අඩු වී තිබියදී ලංකාවේ අඩු කර ඇත්තේ 3%ක පමණ සුළු ප්‍රමාණයකි. තෙල් මිල පිළිබඳ ව්‍යාජ ප්‍රස්ථාරයක් ඉදිරිපත් කර ජනතාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොමඟ යැවීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කළේය.
• විදුලි බිල: ජනාධිපතිවරයා විදුලි බිල සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනකට සහභාගී වී වැරදි ප්‍රකාශ සිදුකර ඇත. මැතිවරණයට පෙර විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන බවට දුන් පොරොන්දුව ඉටු කර නොමැත. ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලැබූ බව පිළිගෙන තිබුණද, විදුලි බිල සහනයක් ලබා දීමට රජය මැලිකමක් දක්වයි. නොමිලේ ලැබෙන හරිත බලශක්තිය කප්පාදු කර ඩීසල් සහ ගල් අඟුරු බලාගාර ක්‍රියාත්මක කිරීමෙන් පාඩු පෙන්වා ගාස්තු වැඩි කිරීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කළේය.
මෙම තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා සහ වත්මන් ආණ්ඩුව බරපතල ලෙස ජනතාව නොමඟ යවන බව පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මහජන උපයෝගීතා කොමිසම මැදිහත් වී විදුලි ගාස්තු වැඩි කිරීමේ උත්සාහය වළක්වන ලෙසත්, අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව මේ පිළිබඳ විමර්ශනයක් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories