2025 අගෝස්තු 16 සෙනසුරාදා, 00:13
නවතම පුවත්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සිය වසරක සම්ප්‍රදාය වෙනස් කරමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ කළ අවසන් ඉල්ලීමට අනුව උන් වහන්සේගේ දේහය මෙලෙස රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාව මිහිදන් කෙරුණි.

රෝමයේ ප්‍රධාන දුම්රියපොළ අසළ, කම්කරු පන්තියේ ජනතාව වෙසෙන කලාපයක පිහිටි ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාව සිය අවසන් ගිමන් ස්ථානය ලෙස තෝරාගැනීමෙන් ද පිළිබිඹු වන්නේ සමාජයේ සැලකිල්ලට භාජනය නොවූ මිනිසුන් කෙරෙහි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තුළ වූ අනුකම්පාවයි.

බිලියන 1.4ක ප්‍රජාවක නියෝජනය කරන කතෝලික පල්ලියේ ප්‍රධානියා වන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානයේ කාසා සැන්ටා මාර්තාහි පිහිටි උන්වහන්සේගේ නිවහනේදී ස්වර්ගස්ථ වූයේ පසුගිය සඳුදා අලුයම කාලයේ දී ය.

සිය දිවි සැරිය නිමා කරන විට උන්වහන්සේ 88 වැනි වියෙහි පසුවුණි.

උන් වහන්සේගේ දේහය මහජන බුහුමන් සඳහා ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කෙරුණේ පසුගිය බදාදා සිටය.

එතැන් පටන් දෙදිනක් දේහය පුරා දේහයට ගෞරව දැක්වීමට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් ඒ වෙත පැමිණියේ, කිලෝ මීටර් ගණන් දිගු පෝලිම් නිර්මාණය කරමින්ය.

කෙසේ නමුත් ඊට ලබා දී තිබූ අවස්ථාව ඊයේ පස්වරු හයෙන් අවසන් වූ අතර, ඉන් අනතුරුව චාරිත්‍රානුකූලව උන් වහන්සේගේ දේහය මුද්‍රා තැබීමට කටයුතු කෙරුණි.

එහිදී උන් වහන්සේගේ ඒ අගරදගුරු දියෝගෝ රාවෙලි සහ කෙවින් ෆැරල් කාදිනල්වරයාගේ ප්‍රධානත්වයෙන් ශාන්ත පීතර බැසිලිකාවේ පැවති පෞද්ගලික දේව මෙහෙයකදීය.

මෙහිදී පාප් වහන්සේ ජීවත්ව සිටියදී පැළඳි දිගු සළුව ඇතුළු අයිතම කිහිපයක් ද දේහය සමග තැන්පත් කෙරුණේ සම්ප්‍රදාය අනුව යමින්ය.

එමෙන්ම මෙහිදී ඉතාලි භාෂාවෙන් “රොජිතෝ” ලෙස හැඳින්වෙන පාප් වහන්සේගේ දිවියේ වාර්තා ඇතුළත් නිල ලේඛනයක් ද මුද්‍රා තබා දේහය සමග තැන්පත් කෙරුණි.

දේහය සම්බන්ධ අවමංගල කටයුතු එරට වේලාවෙන් අද (26) පෙරවරුවේ ආරම්භ වූයේ ශුද්ධෝත්තමයන් වහන්සේගේ දේහය ශාන්ත පීතර චතුරස්‍රයේ විවෘත භූමිය වෙත රැගෙන ඒමෙන් අනතුරුවය.

මෙතෙක් සිටි පාප්වරුන් වෙනුවෙන් පැවති වඩා චාම් මෙන්ම සරලවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල දිව්‍ය පූජා යාගය සියැසින් දැකගැනීමට ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ශාන්ත පීතර චතුරස්‍රය වෙත රැස්ව සිටියේය.

ඒ ජනතාවගේ පාප් වරයා ලෙස උන් වහන්සේ අත්පත් කරගත් අප්‍රමාණ කීර්තිය මොනවට පැහැදිලි කරමින්ය.

පැය දෙකකට ආසන්න කාලයක් පැවැති අවමංගල දේව මෙහෙය සිදුකෙරුණේ කාර්දිනල්වරුන්ගේ සංසදයේ ප්‍රධානී 91 හැවිරිදි ජියෝවානි බැටිස්ටා රේ කාදිනල් හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාව සහභාගි වූ පිරිස අතරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉතාලි අගමැති ජෝර්ජියා මෙලොනි, යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් අයත්ය.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු මෙන්ම හිටපු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඇතුළු සම්භාවනීයයන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් අමාත්‍ය විජිත හේරත් මහතා මෙම අවස්ථාවට එක්ව සිටි අතර කාතෝලික මන්ත්‍රීවරුන් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් එක්ව සිටියේය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories