පසුගිය 10 වැනිදා සිට 19 වැනිදා දක්වා වන කාලසීමාවේදී ජාතික ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300 කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇති බව ජාතික ගමනාගමන මණ්ඩලය පවසන අතර එහි ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ඒ අනුව එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවයි
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බවත් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.