2025 අගෝස්තු 16 සෙනසුරාදා, 07:05
නවතම පුවත්

බලපිටියේ වෙඩිතැබීම ගැන කරුණු රැසක් අනාවරණය වෙයි

බලපිටියේ පාසලක් අසලදී ඊයේ (17) සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් මේ වනවිට කරුණු රැසක් අනාවරණය වී තිබෙන අතර ඊයේ රාත්‍රි 8:30ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණි.

වෙඩි වැදුණු පුද්ගලයාම අහුන්ගල්ල පොලීසියට ගොස් සිද්ධිය පිළිබඳ පැමිණිලි කර තිබේ. පසුව අහුන්ගල්ල පොලීසිය සුවසැරිය ගිලන් රථයකින් වෙඩි වැදුණු පැමිණිලිකරුව බලපිටිය මූලික රෝහලට රැගෙන ගොස් ඇත.

අහුන්ගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බබා’ නමැත්තාගේ ගෝලයෙකු බව කියන ලක්ෂාන් මධුෂංක මෙම වෙඩිතැබීම සිදුකර තිබෙන අතර ඔහුට ‘බබා’ නමැත්තාගෙන් මරණ තර්ජන තිබූ බවද හෙළිවී ඇත. ඊයේ රාත්‍රියේ ‘බබා’ නමැත්තා ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී මත්ද්‍රව්‍ය පාර්සලයක් භාරදීමට බලපිටියට පැමිණෙන ලෙස දන්වා තිබේ.

පසුව ලක්ෂාන් මධුෂංක නමැත්තා කුලී ත්‍රිරෝද රථයකින් බලපිටියට ගොස් ඇත.

එහිදී රේවත විද්‍යාල මාවතට පැමිණෙන ලෙස උපදෙස් ලැබී ඇති අතර ඔහු ත්‍රිරෝද රථයෙන් බැස පාසල අසලින් ගමන් කරන අවස්ථාවේදී වෙඩි තැබීම් 2ක් සිදුකර ඇති අතර එහිදී වෙඩිවැදුණු ලක්ෂාන් මධුෂංක දිවගොස් තමා පැමිණි ත්‍රිරෝද රථය ගෙන්වාගෙන අහුන්ගල්ල පොලීසියට ගොස් තමාට බබාගේ පාර්ශ්වයෙන් වෙඩි තැබූ බව පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories