2025 අගෝස්තු 15 සිකුරාදා, 07:05
නවතම පුවත්

2028 ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් කණ්ඩායම් 6කට අවස්ථාව

2028 වසරේ දී අමෙරිකාවේ සත්කාරකත්වය යටතේ ලොස් ඇන්ජලීස් හිදී පැවැත්වෙන ඔලිම්පික් උළෙලට එක්කර තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව සඳහා කාන්තා හා පිරිමි කණ්ඩායම් 6 බැගින් ක්‍රීඩාකිරීමට අවස්ථාව සලසාදීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත. ඒ සඳහා කණ්ඩායම් සුදුසුකම් ලබන නිර්ණායක මේ දක්වා ඔවුන් ප්‍රකාශයට පත්කර නොමැත.

කෙසේ නමුත් අමෙරිකාව සත්කාරක රට බැවින් ඔවුන්ට සෘජු ස්ථානයක් වෙන්වීමට ඉඩ ඇති අතර, සෙසු කණ්ඩායම් සුදුසුකම් 5 ලැබීමේ ක්‍රියාවලියක් මත තෝරාගනු ඇති බව සඳහන් වන අතර සෑම කණ්ඩායමකටම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90 දෙනෙකු සඳහා කෝටා වෙන්කර ඇති අතර, ඒ අනුව සෑම කණ්ඩායමකටම සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට හැකි වනු ඇත.

ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල 2028 වසරේ ජූලි 14වනදා ආරම්භවන අතර, එය ජූලි 30වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

මෙහිදී ක්‍රිකට් ක්‍රීඩාව විස්සයි20 ආකෘතියෙන් පැවැත්වේ. වසර 130කට ආසන්න අතීතයක් ඇති ගිම්හාන ඔලිම්පික් උළෙල ඉතිහාසය තුළ ක්‍රිකට් ක්‍රීඩාව පැවැත්වෙන දෙවන අවස්ථාව මෙයවනු ඇත. අවසන් වරට ඔලිම්පික් උළෙලක දී ක්‍රිකට් ක්‍රීඩාව පවත්වා ඇත්තේ 1900 වසරේදීය. එවර රන් පදක්කම මහා බ්‍රිතාන්‍ය විසින් දිනාගෙන ඇති අතර, රිදී පදක්කම හිමිව ඇත්තේ ප්‍රංශයටය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories