2025 අගෝස්තු 16 සෙනසුරාදා, 14:41
නවතම පුවත්

දේශබන්දුව අත්අඩංගුවට නොගන්නේ රජය එක්ක ඩීල් එකක් ද?

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පමණක් නොවන මේ වනවිට තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදීන් අසා සිටියේ දේශබන්දු තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට නොගන්නේ රජය සමග ඇති වෙනත් ගනුදෙනුවක් නිසාවෙන් ද සහ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වැඩතහනම් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රජය ගනු ලබන තීරණය කුමක් ද යන්න පිළිබඳ මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටි අතර, ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ ඉදිරියේ දී ඒ පිළිබඳව පොලීසිය භාර අමාත්‍යවරයා විසින් දැනුම්දෙනු ඇති බවය.

එයට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ,

“දේශබන්දු තෙන්නකෝන් පමණක් නොව තවත් කිහිපදෙනෙක්ම ඉන්නවා පොලිස් කණ්ඩායම් යොදවලා අත්අඩංගුවට ගන්න. ඔබ අපිට කියන්නේ නෑනේ ප්‍රසන්න රණවීරත් එක්ක මොකක් හරි ඩීල් එකක් තියෙනවා කියලා. අපි එයාවත් හොයනවා. සෙව්වන්දිවත් හොයනවා. තව ඔබලා නම නොදන්න කිහිපදෙනෙක් හොයනවා. පොලිස් කණ්ඩායම් යොදවලා තියෙන්නේ. ගණේමුල්ල සංජීව ඝාතනයේ 13ක් මේ වෙද්දි අත්අඩංගුවට ගෙන තියෙනවා. නඩු පැවරීම ආරම්භ කරනවා. ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ බන්ධනාගාර ජේලර්වරයෙකුත් ඉන්නවා. මේ පරීක්ෂණ කරගෙන යනකොට රාජ්‍ය යාන්ත්‍රණය තුළටත් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම දක්වා විහිදිලා තියෙන්නේ. පොලීසිය උපරිමය කටයුතු කරමින් ඉන්න කියන්න පුළුවන්. ඒ නිසා ගැලවෙන්න බෑ. අපි නොදන්න පොලීසිය නොදන්න කරුණු ඔබ දන්නවා නම් ඉදිරිපත් කරන එක තමා හොඳ. අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන බවට සහතික වෙන්න පුළුවන්.” යනුවෙනි.

නවතම පුවත්

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...

උණුසුම් පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories