අද (17) අලුයම 3ට පමණ කොළඹ සිට කොහුවල දෙසට කාන්තාවක් විසින් පැදවූ මෝටර් රථයක් පාමංකඩ ප්රදේශයේ දී විදුලි කණුවක ගැටී අනතුරට ලක්ව තිබුණි.
මෝටර් රථය පදවා ඇත්තේ 28 හැවිරිදි කාන්තාවකි. අනතුරින් පසුව මෝටර් රථය ගිනි ගැනීමකට ලක්ව ඇති අතර අනතුරින් ජීවිත හානි කිසිවක් නොමැති බව වාර්තා වේ.