2025 අගෝස්තු 15 සිකුරාදා, 21:58
නවතම පුවත්

ජන රජ ජන සම්මුතිය දළදා මාළිගාව ඉදිරිපිටදී ජනගත කරයි .

පොරොන්දු කඩ කරන දේශපාලනඥයන්ට ජනතාවගෙන් වන්දි ලබා ගැනීමේ අයිතිය තහවුරු කිරීමේ ජනරජ ජන සම්මුතිය ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට අද ජනගත කිරීම සිදුවිය .

එක්සත් ජනරජ පෙරමුණේ ‘ජනරජ ජන සම්මුතිය ජනගත කිරීම’ පක්ෂ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව අභියස දී සිදු කෙරිණ.

මේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක මහතා;

“අද අපේ 77 වෙනි නිදහස් දිනය. මේ පරිශ්‍රය බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ. නිදහස අහිමි වුණේ මේ රටේ බෞද්ධ, ඒ වගේම හින්දු, ඉස්ලාමීය, කිතුනු මේ හැම කෙනෙකුටම, එදා බ්‍රිතාන්‍යයන්ට යටත් විජිතයක් වීමෙන් පස්සේ. මේ මොහොතේ, විශේෂ අධිෂ්ඨානයක් සහ විශේෂයෙන්ම මේ රටේ ඉදිරි ගමනට ඉතාමත්ම වැදගත් ප්‍රතිඥාවක් ලබා දීමටයි පැමිණියේ. 77 අවුරුද්දක ඉතිහාසය තුළ කැරලි ගණනාවකට අපි මුහුණ දුන්නා. ලේ වැගිරීම් ගණනාවකට මුහුණ දුන්නා. මේ ශුද්ධ භූමියටත් ජනතා විමුක්ති පෙරමුණෙත්, එල් ටී ටී ඊ සංවිධානයෙත් ප්‍රහාරයන් සිද්ධ වුණා. ලේ වැගිරුණා. නමුත් දළදා වහන්සේ ආරක්ෂා වුණා. මේ රටේ අනන්‍යතාව ආරක්ෂා වුණා. සියලු ජාතීන්ගේ, සියලු ජන කණ්ඩායම් වල නිදහස, අයිතිය ආරක්ෂා වුණා. මේ රට පාලනය කළ දේශපාලඥයින් විටින් විට ලබාදුන් පොරොන්දු ඔවුන් ඉටු කළේ නැහැ බලයට පත් වුණාට පස්සේ. ඒ වගේම ඔවුන් විසින් මේ රටේ ජාතික මංකොල්ලයක් සිදු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට අද අපි ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා. අපේ ස්වෛරීභාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දීලා ඒ මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයට අවශ්‍ය ආකාරයට මෙහෙයවන රටක් බවට පත්වෙලා තියෙනවා.

අද අපේ අධිෂ්ඨානය තමයි මේ ඉදිරිපත් කළේ. මින් ඉදිරියට එය ක්‍රියාත්මක කරන්න අපි එක්සත් ජනරජ පෙරමුණ හැටියට පොරොන්දු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අනිත් දේශපාලන පක්ෂත් ඒක අනුගමනය කරයි කියලා. මැතිවරණයේ දී යම්කිසි ආකාරයක ප්‍රකාශයක් ලිඛිතව හෝ වාචිකව කරනවා නම් එම ප්‍රකාශවලට වග වීමෙන් බැඳෙන්න දේශපාලන නායකයින් ඉදිරිපත් විය යුතුයි. එය අපේ රටේ ව්‍යවස්ථාවට, අපේ රටේ මැතිවරණ නීතියට එකඟ විය යුතුයි. එසේ කඩ කරන අයට, එරෙහිව මහජනයාට වන්දි ලබා ගැනීමට, ඔවුන්ගේ පදවි, තානාන්තර, ඔවුනට අහිමි වීමට හේතු වෙන ආකාරයට ව්‍යවස්ථා සහ නීති ප්‍රතිපාදන සැකසිය යුතුයි කියලා අපි යෝජනා කරනවා. මේ රටේ අද තියෙන අත්‍යවශ්‍ය ම කාරණය තමයි මේ ප්‍රතිඥාව, මේකට සියලු ම පක්ෂ එකඟ විය යුතු බව අපි අවධාරණය කරනවා. ඒ වගේ ම ඉදිරි කාලයේ දී මීට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන හා නීති ප්‍රතිපාදන, එක්සත් ජනරජ පෙරමුණ බලය ලබා ගැනීමක් සිදු කළොත්, අපි එයට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ අනුව, බලයට පැමිණීමට පෙර කරන වාචික ප්‍රකාශ, ලිඛිත ප්‍රකාශන, ඒවායින් ඔවුන් පොරොන්දු වෙන දේවල් නිශ්චිත කාල රාමුවක් ඇතුළත ඉටු කළ යුතුයි. ඒ වගේම ඒවට වැය වන වැය බර පිළිබඳ නිශ්චිත අදහස් දැක්වීම් කල යුතුයි. ඒවා සොයා ගන්නා ක්‍රමය ගැන කිව යුතුයි. ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ස්වාධීන මැතිවරණ කොමිසමට බලය ලැබිය යුතුයි. ඒ ප්‍රතිඥාවයි අපි ලබා දෙන්නේ. සියලු ම දේශපාලන පක්ෂ මේ ප්‍රතිඥාව ලබා දිය යුතුයි. ඊළඟ ජනාධිපතිවරණය මහ මැතිවරණයට පෙර. එහෙම නැත්නම් සුපුරුදු පරිදි මේ 77 අවුරුද්දක් ඉවර වුණාට පස්සේ පේනවා ඉතිහාසය පුරාම ලබා දීපු හාල් සේරු දෙකේ, ඇට රාත්තල් අටේ, තුනයි පනහේ පාන්, පෙට්‍රල් ඩීසල් බදු අඩු කිරීම්, තුනෙන් එකකින් විදුලි බිල අඩු කිරීම. වගේ කතාවලට අපි අඛණ්ඩව හසු වෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රතිඥාව අපි ලබා දෙනවා. මේක අභියෝගයක්. දේශපාලන අභියෝගයක්. මේ රටේ දේශපාලනයේ ශිෂ්ඨත්වයේ ගමන ඉදිරියට ගෙන යන්න නම්, මේ ප්‍රතිඥාව නීතිමය හා ව්‍යවස්ථාමය දෙයක් බවට පත්විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ජනතාවගේ බලය. ජනතාවත් එක්ක තියෙන සමාජ සම්මුතිය, ශක්තිමත් කිරීමට මෙය ඉතා ම අත්‍යවශ්‍යයි කියන එක තමයි අපේ විශ්වාසය.”

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories