2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 13:11
නවතම පුවත්

ධනංජය ද සිල්වාගේ සහෝදරයා අත්අඩංගුවට

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර ද සිල්වා හෙවත් සංගු නැමැත්තා ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ තවත් පිරිසකට පහරදීමේ සිද්ධියක් මුල්කරගනිමින්ය.

සංගු නැමැත්තා ඊයේ රාත්‍රියේ රත්මලානේ පිහිටි සිය නිවස අසළදී පුද්ගලයෙකුට පහරදී තිබේ.

පහරකෑමට ලක් වූ පුද්ගලයා, ධනංජය ද සිල්වාගේ පියා ඝාතනය කිරීමට චෝදනා එල්ලවී ඇති කුඩු අංජු නැමැත්තාගේ සහා ඇල්ටෝ ධර්මේ නැමැත්තාගේ සමීපතමයෙක් බව වාර්තා වේ.

අනතුරුව පහරකෑමට පත් වූ පුද්ගලයා, ඉන්දික සුරංග සොයිසා නොහොත් රත්මලානේ සුද්දා නැමැත්තා හා තවත් පිරිසක් සමග පහරකෑ ස්ථානයට පැමිණ ධනංජය ද සිල්වාගේ සහෝදරයාට පහරදී ඇත.

පොලීසිය සඳහන් කළේ, ගැටුම අතරතුරදී කිසියම් පුද්ගලයෙකු ධනංජයගේ සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි.

අනතුරුව ඔහු තුවාල සහිතව සිය නිවස තුළට දිවගොස් තියුණු ආයුධයක් රැගෙනවිත් රත්මලානේ සුද්දා නැමැත්තාට හා තවත් අයෙකුට පහරදී ඇත.

පහරකෑමෙන් තුවාල ලැබූ දෙපිරිසම කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව දෙපිරිසම අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මේ වන විට ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා හෙවත් සංගු නැමැත්තා හා ඔහුගේ පහර කෑමෙන් තුවාල ලැබූ රත්මලානේ සුද්දා නැමැත්තා හා තවත් අයෙක් පොලිස් භාරයේ පසුවෙමින් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories