2025 අගෝස්තු 16 සෙනසුරාදා, 18:25
නවතම පුවත්

කොවිඩ් වෛරසයේ මූලාරම්භය වහාම හෙළිකරන්න – ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට කියයි

කොවිඩ් වසංගතය වූහාන් නගරයෙන් ආරම්භ වී වසර පහක් ගතවීමෙන් පසු එහි මූලාරම්භය පිළිබඳ දත්ත නිකුත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් ඉල්ලා තිබේ.

“මෙය සදාචාරාත්මක සහ විද්‍යාත්මක අත්‍යාවශ්‍යතාවකි” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ, එය වැදගත් සංධිස්ථානයක සංවත්සරය ලෙසයි.

“රටවල් අතර විනිවිදභාවය, බෙදාගැනීම සහ සහයෝගීතාව නොමැතිව, අනාගත වසංගත සඳහා ප්‍රමාණවත් ලෙස සූදානම් වීමට ලෝකයට නොහැක,” යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

වෛරසය ස්වභාවිකව සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ බව බොහෝ විද්‍යාඥයෝ සිතති.

එහෙත් එය වුහාන්හි රසායනාගාරයකින් පිටතට පැමිණි බවට ඇතැම් සැකයන් පවතී.

කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධනය නිකුත් කළ ප්‍රකාශයට චීනය ප්‍රතිචාර දක්වා නැත.

එමෙන්ම චීනය මීට පෙර සිටම කොරෝනා වෛරසය වූහාන් හි රසායනාගාරයකින් කාන්දු වූ බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

ඉකුත් සැප්තැම්බර් මාසයේදී විද්‍යාඥන් කණ්ඩායමක් කියාසිටියේ කොවිඩ් වසංගතය රසායනාගාර කාන්දුවකින් නොව වෙළඳපොළක අලෙවි කරන ආසාදිත සතුන්ගෙන් ආරම්භ වී ඇති අතර එය සාධාරණ සැකයකින් තොරව ඔප්පුවී ඇති බවයි.

2020 ජනවාරි මාසයේදී වුහාන් නගරයෙන් එකතු කරන ලද සාම්පල සිය ගණනක් විශ්ලේෂණය කිරීමෙන් පසුව ඔවුහු මෙම නිගමනයට පැමිණියහ.

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories