2025 අගෝස්තු 15 සිකුරාදා, 12:19
නවතම පුවත්

පුෂ්පිකාගෙන් ගලවපු රූ රැජිණ කිරුළ උසාවිය ආයෙත් දෙයි

ලෝක විවාහක රූ රැජින තරගාවලිය සඳහා මෙරට බලයලත් ආයතනය විසින් පුෂ්පිකා ද සිල්වා 2021 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලිය සඳහා මෙරටින් තේරී පත්වුණු විවාහක රූ රැජින ලෙස නැවත නිල වශයෙන් නම්කරන ලදී.

ඒ , මේ පිළිබඳ ලබාදුන් අධිකරණ නියෝගයකට අනුවය.

මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් හි ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ සහ පුෂ්පිකා ද සිල්වා ඊයේ (28) ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී ජයසිංහ විසින් පුෂ්පිකා ද සිල්වා 2021 මිසිස් ශ්‍රී ලංකා ෆෝ මිසිස් වර්ල්ඩ් ලෙස නැවත පත් කරන ලදී.

ජයසිංහ කියා සිටියේ පුෂ්පිකා ද සිල්වා ප්‍රසිද්ධියේ යළි එම කිරුළේ පිහිටුවන ලෙස ලබාදුන් අධිකරණ නියෝගයේ කොටසක් ලෙස මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූ බවයි.

2022 වසරේ දී පුෂ්පිකා ද සිල්වාගෙන් මිසිස් ශ්‍රී ලංකා කිරුළ ඉවත් කිරීමෙන් පසු ඇයට එය නැවත ලබා දෙන ලෙස අධිකරණය විසින් ඔක්තෝබර් මාසයේදී නියෝග කර තිබිණි.

පුෂ්පිකා ද සිල්වා ගොනුකළ නඩුවකින් අනතුරුව ගල්කිස්ස දිසා අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.

එම වසරේ එක්සත් ජනපදයේ පැවති ගෝලීය ඉසව්ව ජයග්‍රහණය කිරීමට මෙම චෝදනාව ඇයට බාධාවක් වූ බව පවසමින් 2022 දී ඇයගේ දේශීය කිරුළ ඇයගෙන් ඉවත් කරන ලදී.

ද සිල්වාගේ ප්‍රකාශයන් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට හානියක් වූ බව ප්‍රාදේශීය සංවිධායකයන් එකල පවසා තිබිණි.

ඇයගේ මිසිස් ශ්‍රී ලංකා නාමය ඉවත් කර ඇති අතර එය කිසිදු ප්‍රවර්ධන කටයුත්තක් සඳහා භාවිත කිරීම තහනම් කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේවෙතත්, ඔක්තෝබර් මාසයේදී අධිකරණ දුන් තීන්දුවෙන් පසු දේශීය සංවිධායකයන් කියා සිටියේ තමන් එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත් 2021 වසර සඳහා හිමිකරු පුෂ්පිකා ද සිල්වා බවත්ය.

නවතම පුවත්

green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

උණුසුම් පුවත්

green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories