2025 අගෝස්තු 17 ඉරිදා, 21:39
නවතම පුවත්

ඕනෑම අවස්ථාවක යුද්ධයකට සූදානමින් සිටින්න – නේටෝ මහ ලේකම් කියයි

‘නේටෝ’ සංවිධානය යුද මානසිකත්වයකින් කටයුතු කළ යුතු බවත්, ඕනෑම අවස්ථාවක යුද්ධයකට සූදානමින් සිටිය යුතු බවත්, එම සංවිධානයේ මහ ලේකම් මාර්ක් රූට් පවසයි. නේටෝ මහ ලේකම්වරයා මෙසේ පැවැසුවේ, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සමුළුවකට සහභාගී වෙමිනි.

‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු ඇමෙරිකාව සහ බටහිර රටවල් එකමුතු වී, රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමේ අරමුණින් පිහිටුවාගත් සන්ධානයකි.

රුසියන් යුක්රේන යුද්ධයේ දී නේටෝවේ සහාය හිමිවන්නේ යුක්රේනයටය. රුසියන් යුක්රේන යුද්ධයට හේතුව ද යුක්රේනය රුසියාවේ විරෝධය මැද ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලා සිටීමය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ ලබන ජනවාරියේය. එසේ දිවුරුම් දීමෙන් පසු තමන් පැය 24ක් ඇතුළත රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බවට ට්‍රම්ප් ප්‍රතිඥා දී ඇත.

ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ දී ‘නේටෝ’ සංවිධානය සමඟ මත ගැටුම් ඇති කර ගත්තේය. ඇමෙරිකාවෙන් ‘නේටෝ’ සංවිධානයට ලබා දෙන මූල්‍ය සහාය පවා කප්පාදු කිරීමට කටයුතු කළේය. යළි ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ද ‘නේටෝ’ සංවිධානයට අඩු අවධානයක් ලබා දීමට ට්‍රම්ප් සූදානම් වෙයි.

නවතම පුවත්

gem web
මැණික් පනත භයානකද?
ශ්‍රී ලංකාවෙන් හමුවන...
kashmeeraya
කාශ්මීර ගංවතුරෙන් දිවි අහිමි වූවන් 300 පනී
පාකිස්තානයේ සහ පාකිස්තාන...
ishrayal
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලය ඊයේ දිනයේදී...
galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...

උණුසුම් පුවත්

gem web
මැණික් පනත භයානකද?
ශ්‍රී ලංකාවෙන් හමුවන...
ishrayal
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලය ඊයේ දිනයේදී...
galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...

දේශපාලන

gem web
මැණික් පනත භයානකද?
ශ්‍රී ලංකාවෙන් හමුවන...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

Categories