නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාගේ නම ගැසට් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකක් හිමිවිය.
ඉන් එක මන්ත්‍රීධුරයක් සඳහා හිටපු මන්ත්‍රී රවී කරුණානායක මහතාව නම් කළේය.