2024 පාර්ලිමේන්තු මැතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායම් 03ක් ඊයේ (04) දිනයේ නාම යෝජනා භාරදී තිබෙනවා.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම ඊයේ (04) දිනෙන් ආරම්භ වු අතර ලබන 11 වැනිදා මධ්‍යහ්න 12 දක්වා නාම යෝජනා භාරදිය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
ඒ අනුව මහ මැතිවරණය සඳහා මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති සමස්ත ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව 122 ක්.
මෙම නාම යෝජනා භාරගැනීමේ කාලය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වන අතර නාම යෝජනා භාරදෙන අවසන් දිනවලදී පෙළපාලි යාමට අවසර නොමැති බවයි පොලිසිය දැනුම්දුන්නේ.
එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම ද මේ වනවිට ආරම්භ කර ඇති අතර ලබන 8 වැනිදා දක්වා අයැදුම්පත් භාර ගැනීම සිදුකෙරෙනු ඇති.
2024 පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතයි