2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:01
නවතම පුවත්

18 රෑ 12 න් පසු ඡන්ද ප්‍රචාරක වැඩ බැහැ

මෙම මස 21 වැනිදා ජනාධිපතිවරණයෙන් පසු පත්වන නව ජනාධිපතිවරයාට සිය පත්වීමෙන් පසු දින 10ත් 12ත් අතර කාලයකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දින 35ත් 44ත් අතර කාලයකදී මහ මැතිවරණය පැවැත්විය යුතු බව පවසන ඒ මහතා අවශ්‍ය නම් දින 52ත් 66ත් අතර උපරිම කාලසීමාවක් ඒ සඳහා ගැනීමට හැකියාව ඇතැයිද සඳහන් කරයි. මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනාධිපතිවරයාගේ අභිමතය මත සිදු කළ හැකි බවත් එසේ නැතිනම් වත්මන් පාර්ලිමේන්තු කාලසීමාව අවසන් වන තුරු පවත්වාගෙන යා හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු මෙම මස 18 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් කළ යුතු බව ද හෙතෙම කියා සිටී. 21 වැනිදා පෙරවරු 7.00 සිට ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම ආරම්භ වන බවත් ඒ සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,417ක් ක්‍රියාත්මක බවත් පවසන මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා එදින පස්වරු 4.00ට ඡන්ද විමසීම අවසන් වන බවත් පවසයි.

නිල ඡන්ද පත්‍රිකාව නැතත් ඡන්ද ලේඛනයේ තම නම තිබේ නම් ජාතික හැඳුනුම්පත රැගෙන නියමිත ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය භාවිත කළ හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories