2025 අගෝස්තු 15 සිකුරාදා, 03:38
නවතම පුවත්

12 වසරේ කාම්‍යා මහාද්වීප හතක උසම කඳු මුදුන් හතක් තරණය කරයි

ඉන්දියාවේ මුම්බායි හි නාවික හමුදා ළමා පාසලේ 12 වසරේ ඉගෙනුම ලබන කාම්‍යා කාර්තිකේයන් මහාද්වීප හතක් හරහා උසම කඳු මුදුන් හතක් තරණය කළ ලොව ළාබාලතම කාන්තාව බවට පත්වෙමින් ඉතිහාසගත වී ඇත.

17 හැවිරිදි මෙම වික්‍රමාන්විත කඳු නගින්නිය අප්‍රිකාවේ කිලිමන්ජාරෝ කන්ද, යුරෝපයේ එල්බ්‍රස් කන්ද, ඕස්ට්‍රේලියාවේ කොස්කියුස්කෝ කන්ද, දකුණු ඇමරිකාවේ ඇකොන්කාගුවා කන්ද, උතුරු ඇමරිකාවේ ඩෙනලි කන්ද, ආසියාවේ එවරස්ට් කන්ද සහ ඇන්ටාක්ටිකාවේ වින්සන් කන්ද තරණය කර මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබේ.

ඇය ඇන්ටාක්ටිකාවේ වින්සන් කඳු මුදුණට ළඟාවූයේ දෙසැම්බර් 24 වන දින චිලී සම්මත වේලාවෙන් පැය 1720 ට ඇගේ පියා වන ඉන්දීය නාවික හමුදා නිලධාරී එස්. කාර්තිකේයන් සමඟ බව ඉන්දීය නාවික හමුදාව පවසයි.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය සාක්ෂාත් කරගැනීම පිළිබඳව ඉන්දීය නාවික හමුදාව කාම්‍යා කාර්තිකේයන් සහ ඇගේ පියාට සුබපැතුම් එක් කර තිබේ.

මුම්බායි හි නාවික හමුදා ළමා පාසල ද 17 හැවිරිදි කාම්‍යාට සුබ පැතූ අතර, ඇය බාධක බිඳදමමින් නව සංධිස්ථානයකට පැමිණීම පාසලට ද සඳහා ඉමහත් ආඩම්බරයක් බව සඳහන් කර ඇත.

කාම්‍යා කාර්තිකේයන් එවරස්ට් කන්ද තරණය කරන විට 16 හැවිරිදි වියේ පසුවිය.

ඇය උත්තරාකාන්ද් හි පළමු කඳු තරණයට එක්ව ඇත්තේ වයස අවුරුදු 7 දීයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories