2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:22
නවතම පුවත්

10 වෙනි පාර්ලිමේන්තුවේ බහුතර බලය ජාතික ජන බලවේගයට

පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 20කම බලය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ ජාතික ජනබලවේගය යි.එම ප්‍රතිඵලය අනූව 10 වෙනි පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත්ව තිබේ.

ඒ අනුව ජාතික ජනබලවේගය ආසන 141ක බලය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට අවශ්‍ය වන ආසන සංඛ්‍යාව වන 113 ඉක්මවා යමිනි.

මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලට අනුව එම පක්ෂය ඡන්ද 6,863,186ක් හිමිකර ගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 61.56ක් වෙයි.

සමගි ජනබල වේගය ප්‍රතිඵල අනුව දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ආසන 35ක් ලබාගනිමිනි.
එම පක්ෂය ඡන්ද 1,968,716ක් ලබාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 17.66කි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 500,835ක් ලබාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 4.49ක් වෙයි.එම පක්ෂයට ආසන 3ක් හිමිව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 350,429ක් හිමිකරගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 3.14කි.එම පක්ෂය ආසන 2ක් හිමිකරගෙන තිබේ.

ඡන්ද 257,813ක් හිමිකර ගැනීමට ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සමත්ව ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 2.31කි.එම පක්ෂයට හිමිව ඇති ආසන සංඛ්‍යාව 6කි.

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, ඊ.පී.ඩී.පී පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය, ස්වාධීන කණ්ඩායම් 17 යන පක්ෂ මන්ත්‍රී ධුර එක බැගින් හිමිකරගෙන තිබේ

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories