2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:02
නවතම පුවත්

ළාබාලතම ගගනගාමීන් සමඟ චීනය අභ්‍යවකාශ පෙරළියක

චීන ගගනගාමීන් තිදෙනෙක් රැගත් තවත් යානයක් අද (30) සාර්ථකව අභ්‍යවකාශය වෙත යොමු කෙරුණි.

මෙය ඉතිහාසයට එක්වන්නේ, චීනය මෙතෙක් අභ්‍යවකාශ ගතකළ ළාබාලතම ගගනගාමී රැගත් යානය ලෙසයි.

මෙම පිරිස මාස 6ක කාලයක් ඉදිවෙමින් පවතින චීනයේ ටියෑන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටිමින් පර්යේෂණ සිදුකිරීමට නියමිතය.

ගෝබි කාන්තාරය ආසන්නයේ පිහිටුවා ඇති ජියෑක්වෑන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මෙලෙස ගමන් ආරම්භ කළේ ෂෙන්ජෝ නයින්ටීන් (Shenzhou-19) යානය යි.

එහි ගගනගාමීන් තිදෙනෙක් අභ්‍යවකාශය බලා ගමන් කළ අතර ඊට චීනයේ පළමු අභ්‍යවකාශ ඉංජිනේරුවරිය මෙන්ම ළාබාලතම ගගනගාමියෙක් ද ඊට අයත් ය.

ප්‍රවීණ ගගනගාමියෙක් වන කායි සූචෝ, තරුණ ගගනගාමී සහ කාන්තා අභ්‍යවකාශ ඉංජිනේරු සොන්ග් ලින්ඩොන් ද රැගත් යානය මෙලෙස ගමන් ආරම්භ කළේ මේ වනවිට ඉදිකරමින් පවතින ටියෑන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙතට ය.

එරට වේලාවෙන් අද පෙරවරු 4.27ට යානය අභ්‍යවකාශ ගත කෙරුණේ ලෝන්ග් මාර්ච් ටූ එෆ් (Long March-2F) රොකට්ටුව යොදාගනිමිනි.

ඉන් මිනිත්තු 10කින් රොකට්ටුවෙන් වෙන්වූ යානය එහි නිසි කක්ක්ෂය වෙත ළඟා විය.

ඔවුන් මාස 6ක කාලයක් ටියෑන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටිමින් පර්යේෂණ සිදුකරමින් අභ්‍යවකාශ සක්මනේ නිරතවීමට නියමිත ය.

එමගින් 2030 වසර වන විට සඳ මතට මිනිසුන් යැවීමට චිනය ගන්නා උත්සාහයට සහායක් වනු ඇති බව චීන බලධාරීන්ගේ අපේක්ෂාව වෙයි.

චීනය සිදුකරන මිනිසුන් සහිත 33 වැනි අභ්‍යවකාශ මෙහෙයුම මෙය වන අතර, ඉදිවෙමින් පවතින ටියෑන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන්කරන සිව්වැනි මෙහෙයුම මෙය යි

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories