අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු,ජන අරගලය සන්ධානයේ විධායක සභික සහ වෙනසකට තාරුණ්‍යය සන්ධානයේ කැදවුම්කරු ළහිරු වීරසේකර රිය අනතුරකට ලක්ව තිබේ.ගම්පොළ සිට අනුරාධපුරය දක්වා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇතැයි ජන අරගලය සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ මහතා පවසයි.අනුරාධපුරයේ ඊයේ පැවති සිය ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට පැමිනෙමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති අතර ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇතැයිද සඳහන් කරයි