2025 අගෝස්තු 15 සිකුරාදා, 19:31
නවතම පුවත්

හොර වාහන දෙකක් නිසා රෝහිතගේ බෑණාට රටින් පිටවෙන්න තහනම් කරයි

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ බෑණා කෙනකුට රටින් පිටවීම තහනම් කරමින් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් වාසනා නවරත්න විසින් අධිකරණ නියෝගයක් නිකුත්කොට තිබේ.

රෝහිත අබේගුණවර්ධනගේ දියණියගේ සැමියාගේ සහෝදරයකුට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා වාහන දෙකක් නීතිවිරෝධී වාහන බවට රජයේ රස පරීක්ෂක වාර්තා ඉදිරිපත්වීමෙන් පසු එම තහනම් නියෝගය මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අධිකරණයට කරුණු ඉදිරිපත්කොට ලබාගෙන ඇත.

එසේ රටින් පිටවීමේ තහනම් නියෝගයක් නිකුත්කොට ඇත්තේ දොන් ඉසුරු ප්‍රදීප් සද්ධාතිස්ස සේරම් නමැති මහයියාව ප්‍රදේශයේ වාහන අලෙවිසැලක් පවත්වාගෙන යනු ලබන අයකුට එරෙහිවය.

එම නීතිවිරෝධී වාහන දෙක සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසියට පැමිණෙන ලෙස මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අවස්ථා ගණනාවකදී අදාළ සැකකරුට දැනුම් දුන්නත් ඔහු පොලිසිය මගහැරීම හේතුවෙන් එම තහනම් නියෝගය ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් අවස්ථා ගණනාවකදී ඔහුගේ නිවසටද ගියත් එහි සිටින නිවැසියන් ඔහු නිවසේ නොමැති බවට ප්‍රකාශ කරන බව පොලිසිය කියයි.

පසුගිය ඔක්තෝබර් මස 20 වැනි දින දී මෙම සැකකටයුතු බීඑම්ඩබ්ලිව් රේසිං වර්ගයේ නවීන මෝටර් රථය සහ මිට්සුබිෂි වර්ගයේ ජීප් රථය මහනුවර අනිවත්ත වටරවුම් පාරේ නිවසක ගරාජයක් තුළ සඟවා තිබියදී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

එම මෝටර් රථ දෙක රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු බීඑම්ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථය මෙරට එකලස් කරන ලද වාහනයක් බවට වාර්තා ඉදිරිපත් කොට ඇති අතර, මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයේ එය නිෂ්පාදිත කර්මාන්ත ශාලාව විසින් ලබා දී තිබූ චැසි අංකය සූරාදමා ඇති බවටද වාර්තා ඉදිරිපත්කොට තිබේ.

එසේ හෙයින් එම ජීප් රථය රජයට අයත් ජීප් රථයක් හෝ සොරකම් කරන ලද ජීප් රථයක් බවට පොලීසිය සැකකරයි.(අද)

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories