2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 18:42
නවතම පුවත්

හොරෙන් ගෙනා පිඹුරන් විකුණන්න යද්දි පොලීසියට මාට්ටු

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් විකිණීම සඳහා සඟවාගෙන සිටි විදේශීය පිඹුරන් සිව් දෙනෙකු වත්තල පොලීසිය විසින් අද (21) සිය භාරයට ගෙන තිබේ.  

පොලීසිය සඳහන් කළේ එම වැටලීමේදී ශ්‍රී ලංකාවේ ගැට කිඹුලෙකු ද සොයාගත් බවය.

වත්තල ප්‍රදේශයේ සුරතල් සතුන් අලෙවි කරන ස්ථානයක උඩු මහළ තුළ මෙම සතුන් සඟවාගෙන සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අලෙවිසැළ පවත්වාගෙන ගිය හිමිකරු සහ සේවකයන් දෙදෙනෙකු ද වත්තල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පිරිමි පිඹුරන් දෙදෙනෙකු සහ ගැහැණු සතුන් දෙදෙනෙකු මෙලෙස පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.

මෙම සතුන් ගුවන් මගින් ගමන් මලු තුළ සඟවා මෙරටට රැගෙන එන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

ගැට කිඹුලා ශ්‍රී ලංකාවේ වියළි කළාපීය ප්‍රදේශයක පිහිටි වැවකින් අල්ලා ගන්නට ඇතැයි සැක කරන අතර මෙම එක් සතෙකු රුපියල් ලක්ෂ තුනකට ඉහළ මිළකට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබියදී මෙලෙස සොයාගෙන තිබේ.

මෙම සතුන් දෙහිවල සත්වෝද්‍යානය වෙත යොමු කර ඔවුන් පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories