2025 අගෝස්තු 15 සිකුරාදා, 15:36
නවතම පුවත්

හොංකොං සික්සස් තරගාවලියේ ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව වටයට

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) සමත්විය.ඒ, තුන්වැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී නේපාලය ලකුණු 40කින් පරාජය කරමිනි.තරගයේ කාසියේ වාසිය නේපාලය දිනාගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වේගවත් ආරම්භයක් ලබා ගත්තේය.ඒ පළමු පන්දුවාර 3ට ලකුණු 58ක් රැස් කරමිනි.සඳුන් වීරක්කොඩි පන්දු 14කදී ලකුණු 50ක් රැස් කළ අතර ඔහුගේ ඉනිම හයේ පහර 5කින් සහ හතරේ පහර 4කින් වර්ණවත් වුණි.නායක ලහිරු මධුසංඛ පන්දු 8කදී නොදැවී ලකුණු 31ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ එක් හතරේ පහරක් ඇතුළත්ය.

ලහිරු සමරකොන් පන්දු 5කදී ලකුණු 22ක් රැස් කිරීමට සමත්වුණි.ඔහුගේ ඉනිම හයේ පහර 3කින් සහ හතරේ පහරකින් වර්ණවත් වුණි.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 6දී කඩුලු 2ක් පමණක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 123කි.ලකුණු 124ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නේපාල කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 18කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණි.

ඒ අනුව නේපාල කණ්ඩායමට පන්දුවාර 3යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 60ක් පමණි.පන්දු යැවීමේදී ලහිරු සමරකෝන් සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවා ගත් අතර ධනංජය ලක්ෂාන් කඩුල්ලක් දවා ගත්තේය

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories