කාන්තාවකගේ හිස කෙස් සකස් කිරීම සඳහා ගල්වන ලද ආලේපනයක් පාවිච්චි කිරීම හේතුවෙන් එම කාන්තාවගේ හිස කෙස් ගැලවී යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හා පොලිසිය මඟහැර සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සහ සේවිකාවන් දෙදෙනාගෙන් එක් සේවිකාවක් ඊයේ (13) මිනුවන්ගොඩ පොලිසියට භාරවී ඇත.
මෙම සේවිකාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ලලනී එම්. බුලත්සිංහල මහත්මිය ඊයේ (13) නියෝග කළේය .
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ මිනුවන්ගොඩ කලවාන අංක 14/ඒ. පදිංචි සඳුනි හංසිකා පියුමාලි (22) නමැති එම රූපලාවණ්‍ය ආයතනයේ සේවය කළ සේවිකාවකි.