2025 අගෝස්තු 15 සිකුරාදා, 16:58
නවතම පුවත්

හිටපු සියලු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස වටිනාකම තක්සේරු කරනවලු

හිටපු ජනාධිපතිවරුන් දැනට රැඳී සිටින නිල නිවාසවල වටිනාකම සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරු වාර්තා ලබා ගැනීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ මීට අමතරව ජනාධිපති නිල නිවාස සහ ඇමැති නිල නිවාස සම්බන්ධයෙන්ද තක්සේරු වාර්තා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම මාවතේ පිහිටි නිවසේ මාසික කුලිය රුපියල් ලක්ෂ 46ක් බව ප්‍රකාශ වී ඇත්තේ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ලවා පසුගිය සතියේ දී කරන ලද තක්සේරුව අනුව බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

වත්මන් රජය තීරණය කර ඇත්තේ හිටපු ජනාධිපතිවරුන්ට සහ හිටපු ඇමැතිවරුන්ට මින් ඉදිරියට නිල නිවාස ලබා නොදීමටයි.

ජනාධිපතිවරයාද නිල නිවස ලබා නොගැනීමට තීරණය කර තිබිණි.

ඇමැතිවරුන්ගේ නිල නිවාසවලින් කොටසක් සංචාරක කටයුතු සඳහා ඵලදායි ලෙස යොදා ගැනීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව එම නිවාස සංචාරක මණ්ඩලයට පවරාදීමට කටයුතු කෙරෙනු ඇතැයිද ඔහු සඳහන් කර ඇත.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසට පළමුව ස්ටැමෝර් චන්ද්‍රවංකයේ නිවසක් ලබාදී තිබූ අතර පසුව කොළඹ 07, ග්‍රෙගරි මාවත, සී 80 දරන නිවස ඇයගේ පදිංචියට ලබා දී ඇත.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය විශ‍්‍රාම දිවිය ගත කිරීම සඳහා තෝරාගත්තේ නිදහස් මාවතේ අංක 27 දරන නිවස වන අතර විශාල භූමි භාගයක පිහිටි එම නිල නිවස ඇය අදටත් පරිහරණය කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසු කොළඹ 07 විජයරාම මාවතේ අංක 11 දරන නිවස ඔහුගේ නිල නිවස ලෙස ලබා දී තිබිණි.

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පදිංචියට තෝරාගෙන ඇති මහගමසේකර මාවතේ නිවසේ ඔහු දැනටත් පදිංචිව සිටින අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද කොළඔ 7 ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ නිවසක පදිංචිව සිටී.

විශ‍්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට නිල වශයෙන් වැඩකයුතු ඉටුකර ගැනීම සඳහා කාර්යාලයක් සහිත නිල නිවසක් ව්‍යවස්ථානුකූලව හිමිවෙයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories