හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකිවන පරිදි, 1986 අංක 04 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මෙම තීරණය අද (ජූලි 22) පස්වරු 2:30ට පමණ නිකුත් කෙරුණු කැබිනට් තීරණවල සඳහන් වේ.
මෙම කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සකස් කර ඇති අතර, ඒ සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ද ලැබී ඇත.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව, මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් පසුව එය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.