2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 12:32
නවතම පුවත්

හමුදා නිලධාරීන්ගේ විදේශ ගමන් බලපත්‍ර රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

හමුදා නිලධාරීන්ගේ විදේශ ගමන් බලපත්‍ර රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් යුද හමුදාව නිවේදනයක් නිකුත් කර ඇත.

හමුදා මූලස්ථානය විසින් නිකුත් කරන ලද පරිපාලන නියෝගයක් සම්බන්ධයෙන් සංසරණය වන විවිධ අර්ථකථන පැහැදිලි කරමින් අදාළ ප්‍රකාශය නිකුත් කර ඇත.

සම්පූර්ණ ප්‍රකාශය පහත පරිදි වේ.

උපුටාගැනීම –

මෙය හුදෙක්ම යුද්ධ හමුදාව තුළ අන්තර් පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා ගත් පරිපාලනමය ක්‍රියාමාර්ගයකි. ඒ අනුව යුද්ධ හමුදාවේ මේජර් සහ ඉන් පහළ අයවළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර ඔවුන් අයත් රෙජිමේන්තු යටතේ තබාගන්නා ලෙස උපදෙස් ලබාදී ඇත. බොහෝ විට යුද්ධ හමුදාව වෙතින් ඉහත සඳහන් නිලයන්ට අයත් අයවළුන් විදෙස් පුහුණුවීම් සහ සාමසාධක රාජකාරි සඳහා නිරන්තරයෙන් යොමුකරවන අතර, එම අවස්ථාවන් සඳහා වන පරිපාලන කටයුතු වෙනුවෙන් තත් අයවළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර ඉතා කඩිනමින් ලබාගැනීම අත්‍යවශ්‍ය වන අතරම, එවායේ වලංගුභාවය හා නිවැරදිභාවය තහවුරු කිරීම වැදගත් වේ.

නමුදු ඉහත බොහෝ අයවළුන් රාජකාරි කරනු ලබන්නේ ඉතා දුර බැහැර ප්‍රදේශ වල වන බැවින් හා ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර තම නිවෙස් වල තිබීම හේතුවෙන් ඉතා කඩිනමින් එම ගමන් බලපත්‍ර යුද්ධ හමුදා මුලස්ථානය වෙත ඉදිරිපත් කිරීමට ඔවුන් හට අපහසු වන අතර, ඒ හේතුවෙන් යුද්ධ හමුදා මුලස්ථානය හටද විවිධ පරිපාලනමය ගැටළුවලට මුහුණපෑමට සිදු වේ.

එබැවින් ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් තත් උපදෙස් නිකුත් කර ඇති අතර, එමගින් එම ගුවන් ගමන් බලපත්‍රවල ආරක්‍ෂාවද සුරක්‍ෂිත වන අතරම, පරිපාලන කටයුතු විධිමත්ව සිදුකිරිමට පහසුවේ.

කෙසේ නමුදු අවැසි ඕනෑම අවස්ථාවක තම විදේශ ගමන් බලපත්‍රය පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් ලබාගැනීමට එම සාමාජිකයින් හට අවස්ථාව ලබාදී ඇත.

  • උපුටාගැනීම අවසන් –

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories