2025 අගෝස්තු 17 ඉරිදා, 12:10
නවතම පුවත්

හන්තානේ අතරමං වු පාසල් සිසුන් මුදාගැනෙයි

කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන සිසුන් 10 දෙනෙකුගෙන් යුත් පිරිසක් හන්තාන කන්ද නැරඹීමට ගොස් අතරමං වී ඇතැයි යුද හමුදාව පවසයි.

පසුව එම පිරිස නිරුපද්‍රිතව මුදා ගැනීමට යුද හමුදා භට පිරිස් සමත්ව ඇත.

එලෙස අතරමංව ඇත්තේ, වයස අවුරුදු 16ත් 17ත් අතර පසුවන පිරිසකි.

ඔවුන් හන්තාන කන්ද නැරඹීමට ගොස් එය තරණය කර පසුව එහි අනාරක්ෂිත ප්‍රදේශයක් නැරඹීමට ගොස් ඇත.

එහිදී එක් අයෙකුගේ කකුලේ ඇති වු මස්පිඬු පෙරළීමක් හේතුවෙන් හා පැවති මීදුම හේතුවෙන් මාර්ගය සොයා ගැනීමට අපහසු වී නැවත පැමිණීමට නොහැකිව අතරමංවී ඇතැයි යුද හමුදාව පැවසීය.

මේ සම්බන්ධයෙන් යුද හමුදාවේ භට පිරිස් වෙත සැලවීමෙන් පසු එම පිරිස ආරක‍්ෂිතව මුදවා ගැනීමට 111 බලසේනා මුලස්ථානය හා 2 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් මෙහෙයුමක් ආරම්භ කෙරිණි.

ඒ අනුව රාත්‍රී 8ට පමණ මෙම සිසුන් මුඳවා ගැනීම ආරම්භ කර ඇති අතර, අලුයම් කාලය වන විට එම සිසු පිරිස ආරක්‍ෂිතව පහළට රැගෙන ඒමට යුද හමුදා භට පිරිස් කටයුතු කර ඇත.

නවතම පුවත්

kashmeeraya
කාශ්මීර ගංවතුරෙන් දිවි අහිමි වූවන් 300 පනී
පාකිස්තානයේ සහ පාකිස්තාන...
ishrayal
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලය ඊයේ දිනයේදී...
galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...

උණුසුම් පුවත්

ishrayal
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලය ඊයේ දිනයේදී...
galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories