සෞදි ආරාබියේ රියාද් අගනුවර බලා ගමන් ගත් ශ්‍රීලංකන් ගුවන් යානයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් යළිත් කටුනායක ගුවන් තොටුපොළට ගොඩබස්වා තිබේ.
ඒ, විනාඩි 20ක ගුවන් ගමන් ගමනකින් පසුවයි.
කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ, කටුනායක ගුවන්තොටුපොළෙන් ඊයේ පස්වරු 6.00 ට පිටත් වූ යානයේ තාක්ෂණික දෝෂයක් හටගෙන ඇති බවයි.
ඒ හේතුවෙන්, යානය විනාඩි 20කට පසුව නැවත ආපසු කටුනායක ගුවන්තොටුපොළට පැමිණි බව කාර්යභාර කළමනාකාරවරයා ප්‍රකාශ කළේ ය.
ඒ අනුව සෞදි අරාබියේ රියාද් නුවර වෙත කඩිනමින් යාමට අවශ්‍ය වූ ගුවන් මගීන් වෙනත් , විකල්ප ගුවන් යානා මගින් පිටත් කර හැරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබූ අතර ඉතිරි ගුවන් මගීන් පිරිස ගුවන් තොටුපොළ අසළ හෝටල් වෙත යොමු කිරීමට ද පියවර ගෙන ඇත.