පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික්ක 22ටම අදාළව මුද්‍රණය කිරීමට කටයුතු කරගෙන යන බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා ‘දිවයින’ ට ඊයේ (26දා) පැවසීය.
මෙහිදී තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට ප්‍රමුඛතාව ලබාදී ඇති බවත් ඡන්දයට අදාළ මුද්‍රණ කටයුතු සිදුකර අවසන් වන තුරු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවත් හෙතෙම පවසයි.
මැතිවරන රාජකාරි වෙනුවෙන් රජයේ මුද්‍රණාලය කොපමණ මුදලක් අයකර ගන්නවාද යන්න මැතිවරණයට අදාළ පත්‍රිකා මුද්‍රණය අවසන් වනතෙක් කිව නොහැකි බවද ඔහු කීය. මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මිලියන 18කට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට නියමිත බවත් ඒ සමගම මැතිවරණයට අදාළ අනෙකුත් පත්‍රිකා ද මුද්‍රණය කර අවසන් වීමෙන් පසු ඒ සඳහා වැයවූ මුදල කොපමණ ද යන්න ප්‍රකාශ කළ හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.