ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් දියගම ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබෙන තේරීම් තරගයක අද (8) පැවති හෙල්ල විසිකිරීම ඉසව්ව නියෝජනය කළ සුමේධ රණසිංහ මීටර 82.56ක දුරක විසිකිරීමට සමත්ව ඇත. 2025 වසරේ මේ දක්වා ලොව හෙල්ල විසිකිරීම ඉසව්වෙන් ක්‍රීඩකයෙකු විසිකළ වැඩිම දුර ලෙසින් මෙය සටහන් විය.
ඉතාලියේ Giovanni FRATTINI, සුමේධට පෙර මෙම වසරේ වැඩිම දුරක් හෙල්ලය විසිකර සිටි ක්‍රීඩකයා වූ අතර, ඔහු මීටර 75.85ක දුරක් විසිකර තිබුණි.
මේ දක්වා ලොව දෙවන වැඩිම දුරක් හෙල්ල විසිකිරීම ද අද පැවති මෙම තේරීම් තරගයට සහභාගි වූ රුමේෂ් තරංග වන අතර එය මීටර් 79.58ක දුරක් වේ.