2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 08:46
නවතම පුවත්

සිලින්ඩරය පුටුවේ තබයි

ලබන වසරේදී (2025) පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී නායකත්ව මණ්ඩලයක් යටතේ “පුටුව’’ ලකුණින් තරග කිරීමට පොදුජන එක්සත් පෙරමුණ තීරණය කර තිබේ. එම පක්ෂයේ නායකත්ව මණ්ඩලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

මෙම සාකච්ඡාව සඳහා හිටපු ඇමැතිවරුන් වන නිමල් සිරිපාල, මහින්ද අමරවීර, නසීර් අහමඩ්, ලසන්ත අලගියවන්න, නිමල් ලාන්සා, අනූප පැස්කුවල්, චාමර සම්පත් දසනායක, ෆයිසර් මුස්තාපා සහ ජගත් පියංකර, මොහොමඩ් මුශාරෆ්, ලක්ෂ්මන් යාපා සහ සුගීශ්වර බණඩාර ඇතුළු පිරිසක් සහභාගි විය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකත්වය යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ “සිලින්ඩරය’’ ලකුණින් තමන් තරග කළද, මෙවර පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරවීමට නම් “පුටුව’’ ලකුණින් තරග කළ යුතු බව නායකත්ව මණ්ඩලය තීරණය කර තිබේ.

පුටුව ලකුණින් තරග කිරීම සඳහා නාමයෝජනාවලට නම් ඇතුළත් කිරීමට අයැදුම්පත් කැඳවීමටද පොදුජන එක්සත් පෙරමුණ තීරණය කර ඇත. මෙහිදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ හා එම සන්ධානයට සම්බන්ධ සියලු දේශපාලන පක්ෂවල ප්‍රධානීන් නායකත්ව මණ්ඩලය ලෙස කටයුතු කිරීමට නියමිතය.

“පුටුව’’ ලකුණින් තරග කරන සන්ධානයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධතාවක් නොමැති බවත්, නායකත්ව මණ්ඩලයේ කටයුතු සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග උපදේශකත්වය ලබාදීමට නියමිත බවත් දැනගන්නට ඇත.

එමෙන්ම, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන පක්ෂයේ දිස්ත්‍රික් නායකයකු ලෙස සම්බන්ධ කර ගැනීමට පක්ෂයේ නායකත්ව මණ්ඩලය කැමැත්ත දක්වා තිබේ

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories