2025 අගෝස්තු 15 සිකුරාදා, 21:14
නවතම පුවත්

සිරි දළදා වන්දනාවේ තෙවැනි දිනය අදයි

ඊයේ සැදැහැවතුන් එක්ලක්ෂ විසි දහසක් දළදාව සියසින් දැකගනි.
ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත් මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන ”සිරි දළදා වන්දනාවේ” තෙවැනි දිනය අදට (20) යෙදී තිබේ.

ඒ අනුව අද මධ්‍යහන 12.30ට සිරි දළදා ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතව ඇති අතර එය පස්වරු 05.00 දක්වා පැවැත්වීමට දළදා මාලිගාව විසින් සියලු කටයුතු සූදානම් කර තිබේ.

“සිරි දළදා වන්දනාව” එළැඹෙන 27 දින දක්වා පුරා දින 10ක් පැවැත්වීමට නියමිතව ඇති අතර එහි සමාරම්භක අවස්ථාව පසුගිය 18 වැනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ආරම්භක දිනයේ සිට මේ දක්වා දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් අති විශාල ජනතාවක් දළදා මාලිගාව වෙත පැමිණ සිටින අතර පැමිණ සිටින ජනතාවගේ කුස ගිනි නිවාලීම සඳහා 24 පැය පුරාවටම දළදා මාලිගාව විසින් දන්සල්ද ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර ඊයේ (19) දහවල් 02.30ට ආරම්භ වූ සිරි දළදා වන්දනාව පස්වරු 05.30ට අවසන් කෙරිණි.

ඒ අනුව ඊයේ දිනයේදී එක්ලක්ෂ විසිපන්දහසකට ආසන්න සැදැවතුන් පිරිසකට ශ්‍රී දළඳා වහන්සේ වන්දනා කර ගැනීමේ වරම් හිමි විය.

“සිරි දළදා වන්දනාව” සඳහා දළදා මාලිගාව විසින් ප්‍රවේශ මාර්ග ත්‍රිත්වයක්ම හඳුන්වා දුන් අතර එම සෑම මාර්ගයක්ම සැදැහැවතුන්ගෙන් පිරි ඉතිරි ගිය ආකාරයක් දක්නට ලැබුණි.

මේ අතර සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් කසළ අවිදිමත් ලෙස බැහැර කරමින් මහනුවර නගර අපවිත්‍ර නොකරන ලෙස මහා සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories