දළදා වහන්සේ දැක වන්දනා කිරීම සඳහා සිය මව් පියන් සමග පැමිණි මෙම දරුවන් විෂයෙහි අතිශය වටිනා ක්‍රියාකාරකමක් සංවිධානය කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඒ ඔවුන් අතරින් ඉදිරිපත් වීමට කැමති දරුවන්ට උදේ 8 සිට දහවල් 12 තෙක් දළදා වන්දනා ගමන පිළිබඳ සිතේ ඇතිවුන හැඟීම සිතුවමට නැගීමට අවස්ථාව සලසා දීම වන අතරම මේ සිතුවම්කරණය සිදුවන්නේ දළදා වීදයේ උඩ කෙළවර රැජන හෝටලය සහ වාහල්කඩ අතර කොටසේය. මේ වන විට දරුවන් 500කට වැඩි ප්‍රමාණයක් නිර්මාණකරණය ආරම්භ කර තිබේ.
දරුවන්ගේ සිතුවම් කරණයට අවශ්‍ය සිතුවම් පුවරු, පැන්සල්, මකන, වර්ණ සපයන්නේ පෙන්ටියම් ආයතනය විසිනි. බුද්ධ ශාසන අමාත්‍යාංශය දරුවන් වෙත වටිනා සහතිකයක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.
ඔවුන්ට බිස්කට් එකක්, සිසිල් බීම , තේ සැපයීම නුවර නගර සභාවේ මැදිහත්වීමෙන් සිදුවෙමින් තිබේ. දරුවන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නිලධාරීන් 30ක් පමණ රාජකාරියේය.