2025 අගෝස්තු 15 සිකුරාදා, 14:59
නවතම පුවත්

සෑම දිනකම රුපියල් බිලියන 6.5ක වගේ අපි ණය වෙනවා

පසුගිය මාස 26ක කාලයේ දී පාලකයින් දේශීය වශයෙන් ලබාගත් ණය ප්‍රමාණය සැලකිමේ දී මෙරට ජනතාව සෑම දිනකම රුපියල් බිලියන 6.5ක පමණ මුදලකින් ණයකරුවන් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ණය සම්බන්ධයෙන් රට පත්ව ඇත්තේ දැඩි අර්බුදයක බවය.

මේ හේතුවෙන් නව ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් කඩිනමින් සිදුකළ යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සඳහන් කළේය.

“සෑම මාසයක් තුළම මේ රටේ ජනතාව රුපියල් බිලියන 196ක වගේ ප්‍රමාණයකින් ණයකරුවන් බවට පත්කරනවා. සෑම දිනකම ගත්තහම රුපියල් බිලියන 6.5ක වගේ අපි ණය වෙනවා. මේ වගේ ණය සම්බන්ධව දැඩි අර්බුදකාරී තත්ත්වයක තමයි ලංකාව මේ වෙද්දි පත්වෙලා තියෙන්නේ. ඒත් එක්කම රටේ උද්ධමනය 2021ට සාපේක්ෂව භාණ්ඩ හා සේවා මිල ගණන් 106%කින් පමණ වැඩිවෙලා. අපේ ආහාර කාණ්ඩයේ භාණ්ඩ හා සේවාවන් හි මිල ගණන් 138%කින් පමණ වැඩිවෙලා. ඒ අනුව ඉතාම ඉහළ මිල තලයක තමා අපි ජීවත් වෙන්නේ. මේ පසුබිම තුළ පවතින ආර්ථික තත්ත්වය ගැන අපිට කිසි‍සේත් සෑහීමකට පත්වෙන්න පුළුවන් කමක් නෑ. බලයට පත්වූ ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා මේ කියන තත්ත්වයන් නිවැරදිව තේරුම් ගෙන යම් ආකාරයකට ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක සමහර විට ඉතාම කෙටි කාලයක් තුළ යම් යම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න ට ඕනේ. ඒ තුළින් ජනතාවට ආර්ථික වශයෙන් නැඟී සිටින්න අවශ්‍ය පසුතලය නිර්මාණය කරන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ.”

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories