සහකාර ශාලාධිපති ඇතුලු නිරීක්ෂණ ගුරුවරුන්ට, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ශාලාවලට ජංගම දුරකතන රැගෙන යාම තහනම් කර තිබේ.
දුරකතන රැගෙන යාමට අවසර හිමිවන්නේ, විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිට හා අතිරේක අධීක්ෂණ ශාලාධිපතිට පමණි.
පසුගිය කාලයේ උද්ගත වූ ගැටලු හේතුවෙන් එම තීරණය ගත් බව, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
විභාග කාලසීමාව තුළ විභාග අධීක්ෂණ කටයුතු ද, ශක්තිමත් කර ඇත.ඒ අනුව අධීක්ෂණ කටයුතු සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමතරව පළාත් සහ කලාප කාර්යාලවල නිලධාරීන් ද යොදා ගැනෙනු ඇති.
එක් අධීක්ෂක නිලධාරියෙකු දින 15 ක් තුළ විභාග මධ්‍යස්ථාන 20ක් ආවරණය කළ යුතු වේ.උසස් පෙළ විභාගය, ලබන 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.ඒ, විභාග මධ්‍යස්ථාන 2,312 කදීයී.ඒ සඳහා පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව, 333,185 ක්