2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:26
නවතම පුවත්

සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද

සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද (04) සිට ලබන 9 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික්ක 12ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් වුවද පසුගිය වසරේ දී ඇතැම් ප්‍රදේශවලින් සරම්ප රෝගීන් වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“මෙහිදී අරමුණ වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම තරුණ පරපුර විශේෂයෙන්ම කලින් සරම්ප එන්නත ලබානොගත් හෝ අතපසුවීමකින් බොහෝ වෙලාවට එසේත් නොමැති නම්, සරම්ප එන්නතින් සම්පූර්ණ ආරක්ෂාව ලබානොගත් හෝ එසේත් නොමැති නම්, සරම්ප එන්නත් මාත්‍රා එකක් පමණක් ලබාගත් අය සිටිනවා නම්, ඒ අය තෝරා බේරාගෙන ඒ අයට නැවත වරක් සරම්ප මාත්‍රාවක් ලබාදීම තමා ප්‍රධාන අරමුණ. වාසනාවකට වගේ අපේ රට තුළ සරම්ප එන්නත්කරණය හරහා පසුගිය අවුරුදු 10 – 20 ඇතුළත ඉතා විශාල ප්‍රගමනයක් ඇති කරගෙන තියෙනවා. ඒ හරහා අපිට පුළුවන් වුණා සරම්ප සම්පූර්ණයෙන්ම තුරන් කරන්න. නමුත් වෙනත් රටවලින් සරම්ප රෝගකාරක වෛරසය අපේ පරිසරයට ඇතුළු වුණොත්, ඒ සරම්ප රෝගයට නතු විය හැකි අයට ඒක අවදානමක් තියෙනවා. ඒ අවදානම අවම කිරීමේ අරමුණින් තමා මේ වැඩසටහන කරන්නේ.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories