ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
අද දවල් ඒ මහතා වෙනුවෙන් වෘත්තීයවේදී ධම්මික රත්නායක මහතා විසින් එම ඇප මුදල තැන්පත් කරනු ලැබුවා.
සිය ඇප මුදල් රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේ මූල්‍ය අංශයට ෆොන්සේකා මහතා වෙනුවෙන් අදාළ වෘත්තීයවේදියා ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සරත් ෆොන්සේකා මහතා මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බව දැනුම් දී තිබේ.