සමගි ජන බලවේගයේ අත්පත්‍රිකාවක් භාර ගැනිම ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකුට සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා විසින් පහර දෙන අයුරු එම වෙළඳසැලේ සවි කර තිබු ආරක්ෂිත කැමරාවේ සටහන් වි ඇත.
නාවලපිටිය නගර මධ්‍යයේ ඔරලෝසු අලුත්වැඩියා කරන වෙළැඳසැලේ හිමිකරුගේ පුත්‍රයාට එසේ පහර දි ඇත.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එම පක්ෂයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා ඔහුගේ ආධාරකරුවන් පිරිසක් සමග එම වෙළඳසැලට පැමිණ තරුණයාට අත්පත්‍රිකාවක් ලබා දී ඇති බවත්, ඒ අවස්තාවේ අත්පත්‍රිකාව ලබා ගැනිම තරුණයා ප්‍රතික්ෂේප කිරිම නිසා එයට උරණ වු සංවිධායකවරයා තරුණයාට පහර දී ඔහුගේ අතින් අල්ලා තර්ජනය කරන අයුරු ආරක්ෂිත කැමරාවේ සටහන් ව ඇති බවද වාර්තා වේ.
සසංක සම්පත් සංජිව මහතා විසින් එම තරුණයාට පහර දිමෙන් පසු සංවිධායකවරයා සමග පැමිණි එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් මැතිවරණයෙන් පසු “අපි උඹ ගැන බලා ගන්නම්” යනුවෙන් පවසමින් තරුණයා තර්ජනය කොට ඇති බව ද වාර්තා වේ