2025 අගෝස්තු 15 සිකුරාදා, 04:48
නවතම පුවත්

සතොස අහෝසි කරන්නේ නෑ-අලුත්ම ප්ලෑන් එකකට.අමාත්‍ය මණ්ඩලය තිරණය කරයි

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ඈවර කිරීම සම්බන්ධයෙන් වන පූර්ව අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කර ශක්‍යතාවයෙන් යුත් ව්‍යාපාරික සැලැස්මක් මත පදනම්ව එම සංස්ථාවේ ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

අද පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව ප්‍රකාශ කළේය.

පහතින් දැක්වෙන්නේ ඊට අදාළ කැබිනට් තීරණයයි

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි සක්‍රීය කිරීම

– 1949 අංක 47 දරන සමූපකාර තොග වෙළෙඳ සංස්ථා පනත පරිච්ඡින්න කර, එම ආයතනය ඈවර කිරීමට එවකට අමාත්‍ය මණ්ඩලය විසින් 2024-09-02 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත. එහෙත්, “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුවට අනුගතව වෙළෙඳපොළ තරගකාරිත්වය ප්‍රවර්ධනය කිරීම මඟින් මහජනතාව වෙත ගුණාත්මක භාණ්ඩ හා සේවා සාධාරණ මිල ගණන් යටතේ අඛණ්ඩව සැපයීම සහතික කිරීමේ අරමුණින් වෙළෙඳපොළ මෙහෙයුම් තුළ රජයේ කාර්යභාරය ක්‍රියාත්මක කිරීම සඳහා සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට හැකියාව පවතී. එබැවින්, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ඈවර කිරීම සම්බන්ධයෙන් වන පූර්ව අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කර ශක්‍යතාවයෙන් යුත් ව්‍යාපාරික සැලැස්මක් මත පදනම්ව එම සංස්ථාවේ ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories