සමගි ජන බලවේග පක්ෂ සම්මේලනය සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ලබන මාර්තු 29 වන දා පැවැත්වීමට නියමිත බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවැසුවේය.
පක්ෂ සම්මේලනය පළාත් පාලන ඡන්දයට පෙර පැවැත්වීමට මේ වන විට තීරණය කර ඇති බව ත් අනිද්දා (මාර්තු 19) පැවැත්වෙන පක්ෂ කළමනාකරණ කමිටුවේදී සම්මේලනය පැවැත්වීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන බව ත් එම සජබ ජ්‍යෙෂ්ඨයා පැවසීය.
මේ අනුව, සම්මේලනයට අදාළ සංවිධාන කටයුතු සිදුකරන ආකාරය සාකච්ඡා කර ගැනීමට සමගි ජන බලවේග පක්ෂ කළමනාකරණ කමිටුවට බලය ලබා දී ඇති බව ඔහු කීය.
සමගි ජන බලවේග ආසන බල මණ්ඩල සහ සජබට සම්බන්ධ පක්ෂ ක්‍රියාකාරීන්ට මහා සම්මේලනය වෙනුවෙන් සහභාගි වීමට ආරාධනා කිරීමට නියමිත බව ඔහු පැවසීය.