ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 8 ලක්ෂ 16,191ක් වන අතර ඉන් අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළදී සංචාරකයින් 93,915ක පිරිසක් මෙරටට පැමිණ ඇත.
අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ අප්‍රේල් 12වනදා වන අතර, එදින 7,585ක පිරිසක් පැමණ ඇති අතර එමෙන්ම එම කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එම පිරිස 18,220ක් ලෙස සහන්වී ඇත.
ඊට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 11,425ක්, රුසියාවෙන් 8,705ක් සහ ජර්මනියෙන් 7,746ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.