හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සිය බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා වත්මන් ජනාධිපතිවරයාට බලපෑම් කරන ලෙස මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලීමක් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත, මුළුමනින්ම අසත්‍ය සහ පදනම් විරහිත එකක් බවට මල්වතු මහා විහාරය නිවේදනයක් නිකුත් කර තිබේ.
මල්වතු මහා විහාරයේ උපලේඛකාධිකාරී මහවෙල රතනපාල ස්ථවිරයන් විසින්, මහානායක හිමිපාණන් වහන්සේගේ උපදෙස් හා නියමයන් මත මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, එවැනි හමුවක් හෝ දුරකථන සංවාදයක් සිදුව නොමැති බව එහි පැහැදිලිව සඳහන් කර ඇත.