2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 13:02
නවතම පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් විදුලි පාරිභෝගිකයින්ට සුවිශේෂී වාසියක්

ලංකා විදුලි බල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් විදුලිය ලබා ගැනීමේදි ලබා ගන්නා තැන්පතු සඳහා පොලී මුදල් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය මගින් විදුලි සැපයුම් ලබා දීමේදි පාරිභෝගිකයින්ගෙන් ලබා ගන්නා මෙම සුරක්ෂිත තැන්පතු මුදල් සඳහා ගෙවිය යුතු වාර්ෂික පොලී මුදල් පාරිභෝගිකයින් වෙත ගෙවීමට පියවර ගන්නා ලෙස ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලංකා විදුලි බල මණ්ඩලයට නියෝග කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2024 ජනවාරි 30වැනි දින අධිකරණයට ඉදිරිපත් කර ඇති මෝසමේ සඳහන් ආකාරයට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවනු ල‍බන 11.67%ක වාර්ෂික පොලිය ගෘහස්ථ විදුලි පාරි‌‌භෝගිකයන්ට මෙන්ම අනෙකුත් විදුලි පාරිභෝගියන්ට ගෙවිය යුතු බවට ද එස් තුරෙයි රාජා, සෝභිත රාජ කරුණා යන මහත්වරුන් ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

ලංකා විදුලි බල පනතේ 28/3 පනත ප්‍රකාරව ලබාගෙන ඇති වාර්ෂික පොලී මුදල පාරිභෝගියන්ට ගෙවන ලෙසට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගියන්ගේ සංගමය, එම සංගමයේ සභාපති මහේෂ බණ්ඩාර ඉලංගසිංහ හා ලේකම් ප්‍රසාද් භාතිය අමරකොන් යන මහත්වරුන් විසින් ගොනු කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැදවූ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළේය.

විදුලි සහ බලශක්ති අමාත්‍යවරයා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා මහජන උපයෝගිතා කොමිෂන් සභාව හා නීතිපතිවරයා එම පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස නම් කොට තිබුණි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ආචාර්ය ජේෂ්ඨ නීතීත්‍ය චන්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටි අතර වග උත්තරකරුවන් වෙනුවෙන් රජයේ අධිනීතීත්‍ය සුරේකා අහමද් මහත්මිය පෙනී සිටියා‌ය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories