2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 10:29
නවතම පුවත්

ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමේ අවදානම අඩු රටක් ලෙස නම් කෙරේ

ශ්‍රී ලංකාව ණය පැහැර හරින ලද රාජ්‍යයක් යන මට්ටමේ සිට ණය පැහැර හැරීමේ අවදානම් තත්ත්වය අඩු මට්ටම (CCC+) දක්වා ෆිට්ච් රේටින්ග්ස් ආයතනය මෙරට ශ්‍රේණිගත කර තිබේ.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සාර්ථකත්වය ඔස්සේ නැවත වරක් ණය පැහැරහැරීමේ අවදානමකට ලක්වීම අවම වී ඇති බව ෆිට්ච් රේටින්ග්ස් පවසයි.

අමෙරිකානු ආයතනයක් වන ෆිට්ච් රේටින්ග්ස් ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධාන ආයතනයක් වන අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කිරීම මත පදනම් වී මෙම ආයතනය නව ශ්‍රේණිගත කිරීම මෙරටට ලබා දී ඇත.

දරුණු ආර්ථික පසුබෑම හමුවේ 2022 අප්‍රේල් සිට විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කළේය.

පසුව ජාත්‍යන්තර මූලය අරමුදල සමඟ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව ඇතුළත් විය.

ඒ අනුව, මෙරට දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කෙරුණු අතර පසුගිය සතියේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව අවසන් කිරීමට හැකි විය.

එම ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගැනීම පදනම්ව මෙම ෆිට්ච් රේටින්ග්ස් ශ්‍රී ලංකාව සඳහා නව ශ්‍රේණිය ලබා දී තිබේ.

ප්‍රතිව්‍යුහගතකරණය ශ්‍රී ලංකාවේ ණය බර පහත හෙළීමට සමත් වුවත් දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සාමාන්‍ය ණය සහ පොලී සහ ආදායම් අනුපාතය මධ්‍යකාලීන ලෙස ඉහළ මට්ටමක පවතිනු ඇති බව ෆිට්ච් රේටින්ග්ස් පවසයි

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories