2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නවතම සංඛ්‍යා ලේඛන අනුව, මේ දක්වා විදෙස් සංචාරකයින් 1,313,232ක් මෙරටට පැමිණ ඇත.
මෙම සංචාරකයින් අතරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් (269,780), එක්සත් රාජධානියෙන් (124,652) සහ රුසියාවෙන් (114,644) බවයි SLTDA වාර්තා කරන්නේ.
ජූලි මාසයේ මේ දක්වා පමණක් සංචාරකයින් 145,188ක් මෙරටට පැමිණ තිබෙනවා. ජූලි මාසයේ පැමිණි සංචාරකයින් අතරින් 27,786ක් (19.1%) ඉන්දියාවෙන් වන අතර, එක්සත් රාජධානියෙන් 16,750ක්, නෙදර්ලන්තයෙන් 10,809ක්, චීනයෙන් 5,904ක් සහ ප්‍රංශයෙන් 7,732ක් පැමිණ තිබෙනවා.
මෙම ඉහළ සංචාරක පැමිණීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල උත්තේජනයක් සපයන බව පැහැදිලියි.