2025 අගෝස්තු 15 සිකුරාදා, 13:01
නවතම පුවත්

ශ්‍රී ලංකාවට ලකුණු 7ක තියුණු ජයක්

ආසියානු ක්‍රිකට් කවුන්සිලය 11 වැනි වරටත් සංවිධානය කරනු ලබන අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා පිල සමත්විය.

මෙම ජයග්‍රහණයත් සමග අවසාන පූර්ව තරගය සඳහා ද සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලැබිණි.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරගයේදී මෙන්ම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 228ක් ලබාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දීමේදී විශිෂ්ට පිතිහරඹයක නිරත වීමට විමත් දින්සර සමත්විය. ඔහු පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහර 10ක්ද සමග ලකුණු 106ක් ලැබීය. මෙය 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියකදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයකු

රැස්කළ දෙවැනි ශතකය ලෙස වාර්තා පොත් අතරට එක්වුණු අතර, මෙහි පළමු ශතකලාභියා ලෙස ශාරුජන් ශන්මුගනාදන් මීට පෙර තරගයේදී ඉතිහාසයට එක්විය. ඊට අමතරව විහස් තෙව්මික ලකුණු 22ක්, ලක්වින් අභයසිංහ ලකුණු 21ක්, විරේන් චමුදිත ලකුණු 20ක් සහ පුලිඳු පෙරේරා ලකුණු 19ක් ලැබීය.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී අල් ෆහාඩ් ලකුණු 50කට කඩුලු 4ක්, රිසාන් හුසේන් ලකුණු 40කට කඩුලු 3ක්, රෆී උස්මාන් ලකුණු 36කට කඩුලු 1ක් සහ ඉක්බාල් හුසේන් ලකුණු 56කට 1 කඩුල්ලක් දවාලීය.

බංග්ලාදේශය වෙනුවෙන් පන්දුවට පහර දීමේදී විශිෂ්ට පිතිහරඹයක නිරත වීමට කලාම් සිද්ධික් සමත්වූ අතර ඔහු පන්දු 134කට මුහුණ දෙමින් ලකුණු 95ක් ලබාගත් අතර, එම ඉනිම සඳහා හයේ පහර 1ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් වීම විශේෂත්වයක් විය. ඊට අමතරව ඩිබාෂි ඩිබේ ලකුණු 31ක්, සවාඩ් අක්බාර් ලකුණු 24ක් ලබාගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී විහස් තෙව්මික ලකුණු 37 කට කඩුලු 3ක්, කුගදාස් මතුලන් ලකුණු 27කට 1කඩුල්ලක්, ප්‍රවීන් මනීෂ ලකුණු 40කට 1 කඩුල්ලක් සහ විරේන් චමුදිත ලකුණු 48කට 1 කඩුල්ලක් දවාලීය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories