අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනුණු, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා අද (01) අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණ.
එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග විසින් නියෝග කරන ලද්දේ ඔහුව ජූලි 15 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ය.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති ධුරය දරන සමයේදී රජයට මූල්‍යමය පාඩු සිදු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එල්ල වී තිබේ.